Posts

Showing posts from March, 2020

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 7 කොටස

Image
මීට කලින් ලිපියක දී මම කිව්වා උෂ්ණත්වය අනුව මෝටරයක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. එම ලිපිය මෙතනින් බලන්න පුළුවන් . නමුත් සමහරවිට ප්‍රායෝගිකව අපි එම ක්‍රියාකාරකම කරන්න ගියාම අපිට මෝටරය ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. හේතුව තරමක විශාල ධාරාවක් එයට අවශ්‍ය වන නිසා. ඉතින් මම හිතුවා ඒක කරන්න ඔයාලට බැරිවුණොත් උෂ්ණත්වය අනුව ක්‍රියාත්මක වෙන තවත් සරල පරිපථයක් ඔයාලට කියලා දෙන්න. මෙතන දි උෂ්ණත්ව සංවේදකය සඳහා මම යොදාගත්තේ LM35 කියන සංවේදකය.  හැබැයි ඉතා වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයාලා ගෙන්වන Arduino Kits වල මෙම සංවේදකය නිෂ්පාදනය කරපු පරිසරයට අනුව වැඩකරනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා නිවැරදිව පරිපථයෙන් උෂ්ණත්වය ලබාගන්න හොඳ සංවේදකයක් මිල දී ගන්න ඕන. හැබැයි අපි කලින් ලිපියේ සඳහන් කරපු TMP36 සංවේදකයට වඩා මේක ගොඩක් නිරවද්‍යතාව අතින් ඉහළයි. මෙය බැලූ බැල්මට ට්‍රාන්සිස්ටරයක් හා සමාන වන අතර එහි එක් අග්‍රයකින් පරිපථයට ලබා දෙන (+) වෝල්ටීයතාව ලබා දෙයි. V in ලෙස හඳුන්වා දී ඇත්තේ එයයි.  මැදින් පිහිටි V out නම් අග්‍රයෙන් මෙම සංවේදකයෙන් පිටතට වෝල්ටීයතාව ලබා දෙන ...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 6 කොටස

Image
අ.පො.ස උසස්පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යටතේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය පාඩම යටතේ කරන්න තියෙන නිපුණතාවලින් 4 වන නිපුණතාව තමයි දොරක් ඇරීම සහ වැසීම සිදුවන විට ශබ්දයක් නිකුත්වීම. මේ ක්‍රියාකාරකම කරන්න කලින් අපි දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. Reed Switch Push Button Switch Piezo Speaker Reed Switch යනු කුමක් ද? Reed Switch කියන්නේ දොරවල් වලට සවි කරන චුම්බක ක්ෂේත්‍රයක් අනුව ක්‍රියා කරන උපකරණයක්.  ප්‍රධාන වශයෙන් මෙය සංවේදක කොටස සහ චුම්බක කොටස ලෙස කොටස් දෙකකින් සමන්විතයි. සංවේදක කොටස තුළ තමයි ඇත්තටම Reed Switch එක පිහිටලා තියෙන්නේ. Reed Switch එක තියෙන කොටස උළුවස්සටත් චුම්බක කොටස දොරටත් සවිවන ආකාරයට තමයි මෙය සවි කරන්නේ. දොර වැසී තිබෙන විට ස්විචය අක්‍රිය වී තිබෙන අතර දොර විවෘත කලවිට ස්විචය ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි මේ පරිපථය සඳහා යොදා ගන්නේ 4 Pin Push Button Switch එකක්. මෙහි දී අප විසින් සැලකිය යුතු කාරණාවක් තියෙනවා. එනම් A B C D ලෙස මෙහි අග්‍ර 4 ක් තිබුණ ද සම්බන්ධ කිරීමේ දී අග්‍ර විකර්ණ ආකාරයට භාවිතා කල යුතු වීම. එනම්, මේ රූප සටහනේ හැටියට ස...