Posts

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 7 කොටස

Image
මීට කලින් ලිපියක දී මම කිව්වා උෂ්ණත්වය අනුව මෝටරයක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. එම ලිපිය මෙතනින් බලන්න පුළුවන් . නමුත් සමහරවිට ප්‍රායෝගිකව අපි එම ක්‍රියාකාරකම කරන්න ගියාම අපිට මෝටරය ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. හේතුව තරමක විශාල ධාරාවක් එයට අවශ්‍ය වන නිසා. ඉතින් මම හිතුවා ඒක කරන්න ඔයාලට බැරිවුණොත් උෂ්ණත්වය අනුව ක්‍රියාත්මක වෙන තවත් සරල පරිපථයක් ඔයාලට කියලා දෙන්න. මෙතන දි උෂ්ණත්ව සංවේදකය සඳහා මම යොදාගත්තේ LM35 කියන සංවේදකය.  හැබැයි ඉතා වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයාලා ගෙන්වන Arduino Kits වල මෙම සංවේදකය නිෂ්පාදනය කරපු පරිසරයට අනුව වැඩකරනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා නිවැරදිව පරිපථයෙන් උෂ්ණත්වය ලබාගන්න හොඳ සංවේදකයක් මිල දී ගන්න ඕන. හැබැයි අපි කලින් ලිපියේ සඳහන් කරපු TMP36 සංවේදකයට වඩා මේක ගොඩක් නිරවද්‍යතාව අතින් ඉහළයි. මෙය බැලූ බැල්මට ට්‍රාන්සිස්ටරයක් හා සමාන වන අතර එහි එක් අග්‍රයකින් පරිපථයට ලබා දෙන (+) වෝල්ටීයතාව ලබා දෙයි. V in ලෙස හඳුන්වා දී ඇත්තේ එයයි.  මැදින් පිහිටි V out නම් අග්‍රයෙන් මෙම සංවේදකයෙන් පිටතට වෝල්ටීයතාව ලබා දෙන ...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 6 කොටස

Image
අ.පො.ස උසස්පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යටතේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය පාඩම යටතේ කරන්න තියෙන නිපුණතාවලින් 4 වන නිපුණතාව තමයි දොරක් ඇරීම සහ වැසීම සිදුවන විට ශබ්දයක් නිකුත්වීම. මේ ක්‍රියාකාරකම කරන්න කලින් අපි දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. Reed Switch Push Button Switch Piezo Speaker Reed Switch යනු කුමක් ද? Reed Switch කියන්නේ දොරවල් වලට සවි කරන චුම්බක ක්ෂේත්‍රයක් අනුව ක්‍රියා කරන උපකරණයක්.  ප්‍රධාන වශයෙන් මෙය සංවේදක කොටස සහ චුම්බක කොටස ලෙස කොටස් දෙකකින් සමන්විතයි. සංවේදක කොටස තුළ තමයි ඇත්තටම Reed Switch එක පිහිටලා තියෙන්නේ. Reed Switch එක තියෙන කොටස උළුවස්සටත් චුම්බක කොටස දොරටත් සවිවන ආකාරයට තමයි මෙය සවි කරන්නේ. දොර වැසී තිබෙන විට ස්විචය අක්‍රිය වී තිබෙන අතර දොර විවෘත කලවිට ස්විචය ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි මේ පරිපථය සඳහා යොදා ගන්නේ 4 Pin Push Button Switch එකක්. මෙහි දී අප විසින් සැලකිය යුතු කාරණාවක් තියෙනවා. එනම් A B C D ලෙස මෙහි අග්‍ර 4 ක් තිබුණ ද සම්බන්ධ කිරීමේ දී අග්‍ර විකර්ණ ආකාරයට භාවිතා කල යුතු වීම. එනම්, මේ රූප සටහනේ හැටියට ස...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 5 කොටස

Image
ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය යටතේ අපි අද බලමු පරිසර උෂ්ණත්වය මත මෝටරයක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. ඉදිරියේ දී පල කිරීමට යෝජිත උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශයට අනුව මේ නිපුණතාව හඳුන්වා දී තිබෙන්නේ උෂ්ණත්වය අනුව විදුලි පංකාවක්  on / off කිරීම යනුවෙනුයි. නමුත් මේ ක්‍රියාකාරකම සඳහා අප යොදාගන්නේ විදුලි පංකාව වෙනුවට කුඩා මෝටරයක්. එසේම මේ සඳහා අපට අවශ්‍ය වනවා අළුත් උපාංගයක්. එය උෂ්ණත්ව සංවේදකය එසේත් නැත්නම් Temperature Sensor ලෙස හඳුන්වනවා. මේ සඳහා අප යොදාගන්නේ TMP36 නම් උෂ්ණත්ව සංවේදකයයි. මෙය බැලූ බැල්මට ට්‍රාන්සිස්ටරයක් හා සමාන වන අතර එහි එක් අග්‍රයකින් පරිපථයට ලබා දෙන (+) වෝල්ටීයතාව ලබා දෙයි. V in ලෙස හඳුන්වා දී ඇත්තේ එයයි.  මැදින් පිහිටි V out නම් අග්‍රයෙන් මෙම සංවේදකයෙන් පිටතට වෝල්ටීයතාව ලබා දෙන අතර බාහිර පරිසර උෂ්ණත්වය අනුව මෙම වෝල්ටීයතාව වෙනස් වේ. GND ලෙස දක්වා ඇත්තේ, පරිපථයට ලබා දෙන (-) වෝල්ටීයතාවයි. මේ සංවේදකය -40 °C  සිට 125   °C  දක්වා බාහිර උෂ්ණත්ව පරාසයක ක්‍රියාත්මක වේ. Temperature = ( V ou...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 4 කොටස

Image
ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය යටතේ අපි අද බලමු පරිසර ආලෝක තත්ත්වය මත LED එකක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. අවසන්වතාවට අපි ඉගෙනගත්තා, දෙන ලබන කාලයට අනුව LED එකක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. දැන් ඒ පරිපථයම අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. අළුතින් Hardware මාරු කරන්න අවශ්‍ය නැහැ. ඉලෙක්ට්‍රෝනික උපාංග එකතු කිරීම හෝ ඉවත් කිරීම පමණයි කරන්නට තියෙන්නේ. ඊට පස්සේ, අළුතින් Sketch එකක් ලියලා Upload කරනවා. ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණයේ වාසිය ඔන්න ඕකයි. හරිම ලේසියි. දැන් පරිසර ආලෝක තත්ත්වය යටතේ පරිපථය ක්‍රියාකරවන්න ඕන නිසා අපිට අවශ්‍ය වෙනවා අළුත් උපාංගයක්. Light Dependent Resistor (LDR) හෙවත් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් අවශ්‍යයයි. මේකේ විශේෂත්වය ඒ මතට වැටෙන ආලෝකයේ තීව්‍රතාව අනුව ප්‍රතිරෝධය වෙනස් වීමයි. අපි මේකේ ක්‍රියාකාරීත්වය ගැන මෙන්න මේ ප්‍රස්තාරයෙන් අවබෝධ කරගමු. ආලෝකය නිසා ප්‍රතිරෝධය වෙනස්වේ. එමගින් වොල්ටීයතාව වෙනස් කරන්න පුළුවන්. ආලෝකය වැඩිවෙන කොට, R1 ---> 0 කරා ගමන් කරනවා. ආලෝකය අඩුවෙන කොට, R1 ---> අනන්තය කරා ගමන් කරනවා. සරලව කියනවා නම්, ආලෝකය ව...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 3 කොටස

Image
මම කලින් කොටසින් කිව්වා කොහොම ද ප්‍රතිරෝධකයක අගය හොයාගන්නා විදිය, දියෝඩ හඳුනාගන්නා විදිය ඒවාට භාවිතා කරන වෝල්ටීයතාවන් මොනවා ද කියලා. අපි මේ පෝස්ට් එකෙන්  බලමු කොහොම ද මේ හරහා LED එකක් Blink වෙන විදියට Arduino වැඩසටහනක් ලියන්නේ කියලා. අපි පළමුව අපේ Arduino පරිපථය සකසා ගන්නට ඕන පහත දැක්වෙන විදියට. මෙහි දී ඔයාලට පේනවා ඇති Arduino Uno පුවරුවට බැටරි පැක් එකකින් විදුලි සැපයුම කරලා තියෙනවා. නමුත් ඒක අත්‍යවශ්‍යම නැහැ. අපි පරිගණකය සමග Arduino Uno පුවරුව සම්බන්ධ කරන විට ඒ සඳහා වෙනම USB cable එකක් එනවා. ඒ හරහා අපිට පරිපථයට විදුලිය සපයන්නට පුළුවන්. කොහොම වුණත් අපි ලියන පරිගණක වැඩසටහන පුවරුවට යැවීම සඳහා ඒ cable එක අත්‍යවශ්‍ය වෙනවා. බැටරි පැක් එකෙන් Power දෙන්න ඕනේ, පරිගණකයට සම්බන්ධ නැති අවස්ථාවලදී යි. ඒ වගේම ටිකක් බලන්න සුදුපාට පුවරුවක් තියෙනවා දකුණු පැත්තෙන් සිදුරු සහිත. මේකට අපි කියනවා Breadboard කියලා. ඒකේ තේරුම පාන් ලෑල්ල කියන එක නෙමෙයි. නමුත් ඒ නම එන්න රසවත් කතාවක් තියෙනව. අපේ පරිපථයට අදාල ඉලෙක්ට්‍රෝනික උපාංග සවිකරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. අතීතයේ මේ වගේ පුවරු තිබුණේ නැහැ...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 2 කොටස

Image
මගේ කලින් පෝස්ට් එකේ දී ඔයාලට කිව්වා ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය අ.පො.ස උසස්පෙළ අලුත් විෂය නිර්දේශයේ තියෙනවා කියලා. එතකොට ඒ යටතේ අපිට තියෙනවා ක්‍රියාකාරකම් 5 ක් කරන්නත්. අපිට ඒ ක්‍රියාකාරකම් කරන්නට වෙන්නේ Arduino  ක්ෂුද්‍රපාලක පරිපථ පුවරුවක් භාවිතයෙන් බවත් ඒ ගැන කෙටි හැඳින්වීමකුත් මම ඔයාලාට කලා. අපි දැන් බලමු අපේ පලවෙනි ක්‍රියාකාරකම. අපේ පළවෙනි ක්‍රියාකාරකම තමයි තත්පර 1/2 කට වරක් LED එකක් On/Off කිරීම. අපි මේක පුංචිකාලේ electronic circuits පාස්සන ගමන් කරලා ඇති. නමුත් ඒකම දැන් programming වලින් කරන්නට පුළුවන්. ඇත්තෙන්ම මේ දේවල් කරගෙන ගියොත් ඔයාලට ම ආසාව ඇතිවෙයි. සේරටම කලින් අපිට බලන්න වෙනවා මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වන මූලික සිද්ධාන්ත සහ උපකරණ ටිකක්. ධාරාව සහ වෝල්ටීයතාව (Current and Voltage) මේ දෙකම විද්‍යුතයේ ප්‍රමාණාත්මක සාධක දෙකක්. අපි දැන් පහළින් පිහිටි රූපය දෙස බලමු. මේ රූපයේ හැටියට බැටරියක් තියෙනවා සම්බන්ධ කරලා බල්බයකට. එතකොට මෙතනින් ධාරාව කියලා කියන්නේ විදුලිය බැටරියේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ගමන් කිරීමයි. නමුත් ඒක ඇත්තටම වෙන දෙයක් නෙමෙයි...

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 1 කොටස

Image
ආයුබෝවන්! ඔයාලා හැමදෙනාට ම. මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ, උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේෂයට අලුතින් එකතුවෙන්නට තිබෙන ඒකකයක් ගැන. තවම මේ විෂය නිර්දේශය ප්‍රකාශයට පත් කරලා නැති වුණත් මේ කොටස අනිවාර්යයෙන් ම ලැබෙන්නට තියෙනවා කියලා තොරතුරු තාක්ෂණ ගුරු භවතුන්ගේ වැඩමුළුවල දැනගන්නට ලැබුණා. ඉතින් ඒ ලබා ගත් දැනුම ඔබ වෙත ලබා දෙන්න මම තීරණය කලා. ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය කියන එක අපේ අලුත් ම විෂය නිර්දේශයට ඇතුළත්වෙන්නට තියෙන ඒකකයක්. ඉතින් මේ හරහා නිපුණතා මට්ටම් 11.1 යටතේ ක්‍රියාකාරකම් 4ක් ළමයින්ට කරවන්න තියෙනවා. 11.1 නිපුණතාව LED එකක් තත්පර 2කට වරක් on / off කිරීම පරිසර ආලෝක තත්ත්වය මත LED එකක් on / off කිරීම උෂ්ණත්වය අනුව විදුලි පංකාවක්  on / off කිරීම දොරක් ඇරීම සහ වැසීම 11.2 නිපුණතාව අන්තර්ජාලය හරහා LED එකක් on / off කිරීම මේ නිපුණතා සියල්ල ම අපි ළමයින්ට උගන්වන්නට ඕන. මෙතනින් මම පලවෙනි ක්‍රියාකරකම් 4 ගැන ඉදිරි පෝස්ට්වලින් කියලා දෙනවා. ඒ සියල්ලට ම කලින් මේවා කරන්නට අවශ්‍ය කරන දේවල් මොනවා ද කියලා අපි දැනගෙන ඉන්න ඕන.  ...