ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 5 කොටස

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය යටතේ අපි අද බලමු පරිසර උෂ්ණත්වය මත මෝටරයක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. ඉදිරියේ දී පල කිරීමට යෝජිත උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශයට අනුව මේ නිපුණතාව හඳුන්වා දී තිබෙන්නේ උෂ්ණත්වය අනුව විදුලි පංකාවක්  on / off කිරීම යනුවෙනුයි.

නමුත් මේ ක්‍රියාකාරකම සඳහා අප යොදාගන්නේ විදුලි පංකාව වෙනුවට කුඩා මෝටරයක්. එසේම මේ සඳහා අපට අවශ්‍ය වනවා අළුත් උපාංගයක්. එය උෂ්ණත්ව සංවේදකය එසේත් නැත්නම් Temperature Sensor ලෙස හඳුන්වනවා. මේ සඳහා අප යොදාගන්නේ TMP36 නම් උෂ්ණත්ව සංවේදකයයි.


මෙය බැලූ බැල්මට ට්‍රාන්සිස්ටරයක් හා සමාන වන අතර එහි එක් අග්‍රයකින් පරිපථයට ලබා දෙන (+) වෝල්ටීයතාව ලබා දෙයි. V in ලෙස හඳුන්වා දී ඇත්තේ එයයි. 

මැදින් පිහිටි V out නම් අග්‍රයෙන් මෙම සංවේදකයෙන් පිටතට වෝල්ටීයතාව ලබා දෙන අතර බාහිර පරිසර උෂ්ණත්වය අනුව මෙම වෝල්ටීයතාව වෙනස් වේ.

GND ලෙස දක්වා ඇත්තේ, පරිපථයට ලබා දෙන (-) වෝල්ටීයතාවයි.

මේ සංවේදකය -40°C සිට 125 °C දක්වා බාහිර උෂ්ණත්ව පරාසයක ක්‍රියාත්මක වේ.

Temperature = (V out - 0.5) x 100

දැන් අප විසින් යොදාගන්නා මෝටරය පිළිබඳව බලමු.

මෙමගින් විද්‍යුත් ශක්තිය, යාන්ත්‍රික ශක්තිය වෙත පරිවර්තනය කරනු ලබයි. නමුත් මෙය භාවිතා කිරීමේ දී අපට යම් ගැටළුවක් පැන නැගෙයි. එනම්, අප භාවිතා කරන ක්ෂුද්‍ර පාලකයෙන් නිකුත් කරනු ලබන්නේ, 40mA ක ධාරාවකි. මෙවැනි මෝටරයකට කිසිවක් සවිකර නොමැති විට ක්‍රියාකිරීම සඳහා 75mA ක ධාරාවක් අවශ්‍ය වේ. එමනිසා අප විසින් ලබා දෙනු ලබන ධාරාව වැඩිකර මේ සඳහා සැපයිය යුතුය. ඒ සඳහා තවත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් අපට අවශ්‍ය වේ. ඒ ඔබ අප කවුරුත් දන්නා ට්‍රාන්සිස්ටරයයි.

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.

ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය මෙම වීඩියෝව මගින් වටහා ගන්න.




මේ ක්‍රියාකාරකම සඳහා අප යොදාගන්නේ, BC 547 නම් වූ ට්‍රාන්සිස්ටරයයි. මේ එකක මිල රු. 3/- ක් පමණ වේ.

එහි අග්‍ර 3 ක් ඇති අතර ඒවා පහත නම් වලින් සිංහල බසින් හඳුන්වනු ලැබේ.

  1. Collector - සංග්‍රාහකය
  2. Base - පාදම
  3. Emitter - විමෝචකය
ඔබට මේ තුන පැහැදිලිව හඳුනාගැනීමට අපහසු නම් ඒ සඳහා අන්තර්ජාලයෙන් මෙම ට්‍රාන්සිස්ටර් අංකය පිරික්සා එහි දත්ත පත්‍රය Data Sheet එක මගින් අග්‍ර තුන හඳුනාගත හැක. ඊට අමතරව ට්‍රාන්සිස්ටරයට ලබා දියයුතු උපරිම ධාරාව කොපමන ද ආදි විස්තර ද එහි අඩංගු වේ. එය ඉතා වැදගත් වන්නේ පමණ ඉක්මවා ධාරාවක් ලබා දුනහොත් ට්‍රාන්සිස්ටරය පිළිස්සී යාමට ඉඩ ඇති බැවිනි.

පහත දැක්වෙන සබැඳිය මගින්, එම ට්‍රාන්සිස්ටරයේ දත්ත පත්‍රය ඔබට දැකගත හැක.


මෙයට අනුව සංග්‍රාහකයේ සිට විමෝචකය දක්වා 100mA ක ධාරාවක් ගලයි. එමනිසා මෝටරයට 75mA ක අවශ්‍ය ධාරාව අපට ලබා දීමට මෙමගින් හැකිවේ.








//FanController.ino
//Switches a Motor on and off depending on the room temperature
const int sensorPin=A0; //  declare analog input pin A0 as sensorPin
const int motorPin = 8; //  declare digital I/O pin 8 as motorpin
float temp;

void setup() {
  pinMode(motorPin, OUTPUT);  //configure motorPin as output
  Serial.begin(9660);
}

void loop() {
  int sensorValue = analogRead(sensorPin);  //read sensor value at sensorPin (0-1023)
  float voltage = sensorValue * 5.0 /1023;  //convert sensor value to a voltage
  Serial.println("Voltage : ");
  Serial.println(voltage);
  Serial.println("Temperature : ");
  Serial.println(temp);
  delay(2000);                         // make the display delay
  temp = (voltage - 0.5) * 100;       //convert voltage to temperature

  if(temp > 22)
    digitalWrite(motorPin,HIGH);      //set motorPin High
  else
    digitalWrite(motorPin,LOW);      //otherwise set motorPin Low
}

float voltage = sensorValue * 5.0 /1023; යන පේළිය නිරීක්ෂණය කලහොත් float යන data type එක භාවිතා කිරීමෙන් අපට integer value එකක් වෙනුවට float නොඑසේ නම් දශම අගයක් ලබාගත හැක.

පරිපථයේ උෂ්ණත්ව සංවේදකය ඉතා තදින් අල්ලාගෙන සිටි විට එහි උෂ්ණත්වය වැඩි වී මෝටරය ක්‍රියාත්මක වේ.

පහලින් දකින්නට ලැබෙන්නේ අපි මේ කතා කරපු ක්‍රියාකාරකමේ Simulation එකක්. ඔයාලට Start Simulation බොත්තම ඔබලා TMP එක මවුස් එකෙන් ක්ලික් කරලා බලන්න. එවිට උෂ්ණත්වය සීරු මාරු කරලා බලන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ඉක්මවන විට මෝටරය ක්‍රියාත්මක වෙන හැටි ඔබට ම දකින්න පුළුවන්.

Code කියන බොත්තම එබූ විට ඉහලින් සඳහන් කරපු Arduino Code එක දකින්න පුළුවන්.




Comments

Popular posts from this blog

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 1 කොටස

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 2 කොටස

ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 6 කොටස