ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 2 කොටස

මගේ කලින් පෝස්ට් එකේ දී ඔයාලට කිව්වා ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය අ.පො.ස උසස්පෙළ අලුත් විෂය නිර්දේශයේ තියෙනවා කියලා. එතකොට ඒ යටතේ අපිට තියෙනවා ක්‍රියාකාරකම් 5 ක් කරන්නත්. අපිට ඒ ක්‍රියාකාරකම් කරන්නට වෙන්නේ Arduino ක්ෂුද්‍රපාලක පරිපථ පුවරුවක් භාවිතයෙන් බවත් ඒ ගැන කෙටි හැඳින්වීමකුත් මම ඔයාලාට කලා. අපි දැන් බලමු අපේ පලවෙනි ක්‍රියාකාරකම. අපේ පළවෙනි ක්‍රියාකාරකම තමයි තත්පර 1/2 කට වරක් LED එකක් On/Off කිරීම. අපි මේක පුංචිකාලේ electronic circuits පාස්සන ගමන් කරලා ඇති. නමුත් ඒකම දැන් programming වලින් කරන්නට පුළුවන්. ඇත්තෙන්ම මේ දේවල් කරගෙන ගියොත් ඔයාලට ම ආසාව ඇතිවෙයි. සේරටම කලින් අපිට බලන්න වෙනවා මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වන මූලික සිද්ධාන්ත සහ උපකරණ ටිකක්. ධාරාව සහ වෝල්ටීයතාව (Current and Voltage) මේ දෙකම විද්‍යුතයේ ප්‍රමාණාත්මක සාධක දෙකක්. අපි දැන් පහළින් පිහිටි රූපය දෙස බලමු. මේ රූපයේ හැටියට බැටරියක් තියෙනවා සම්බන්ධ කරලා බල්බයකට. එතකොට මෙතනින් ධාරාව කියලා කියන්නේ විදුලිය බැටරියේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ගමන් කිරීමයි. නමුත් ඒක ඇත්තටම වෙන දෙයක් නෙමෙයි...