දත්ත සහ තොරතුරු කියන්නේ මොනවාද?
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සාමාන්‍ය පෙළට ඉගෙනගන්නා අපේ පළවෙනි පාඩම තමයි දත්ත සහ තොරතුරු කියන එක. මොකද්ද මේ දෙකේ තේරුම?
සාමාන්‍යයෙන් අපි පරිගණක පද්ධතියකට ඇතුළත් කරන දේවල්, එහෙම නැත්තන් ආදානය (Input) කරන දේවල් පරිගණකයට ඇතුළත් වෙනකොට ඒවායේ කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි නිකම් සංඛ්‍යා, අකුරු, සංකේත වගේ දේවල් පමණයි ඇත්තටම ඇතුළත් වෙන්නේ.
මෙන්න මේ අර්ථයක් නැති සංකේත, සංඛ්‍යා වැනි දේවල් වලට තමයි අපි කියන්නේ දත්ත කියලා.
ඊට පස්සේ පරිගණක පද්ධතියෙන් ඒවා සකසනවා අර්ථයක් ඇති විදියට. මෙන්න මේ සැකසීමේ ක්‍රියාවලිය (Process) අවසානයේ, අපි ඇතුළත් කරපු දත්තවලට යම් අර්ථයක් ඇතිවුණාට පස්සේ අපි ඒවාට කියනවා තොරතුරු (Information) කියලා.
ඔයාලට මේක අපැහැදිලියි කියලා හිතෙනවා නම් අපි මේක උදාහරණයකින් බලමු.
මම පාසලක පංතිභාර ගුරුවරයෙක්. පාසලේ වාර විභාගයක් අවසානයේ දී මගේ පන්තියේ ළමයි ලබා ගත් ළකුණු ඔක්කෝම මට පරිගණකයට ඇතුළත් කරන්න ඕනේ.
දැන් මම මෙන්න මෙහෙම පරිගණකයට ළකුණු ඇතුළත් කරනවා.
රවී 78 90 79 67 76 78 රිස්වාන් 87 70 80 75 80 80 ක්‍රිෂාන් 76 78 67 80 79 76
දැන් මෙන්න මෙහෙම බැලුවාම අපිට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැනේ. නිකම් අකුරු සහ ඉලක්කම් විතරයි.
මෙන්න මේ ස්වරූපයෙන් තියෙන එක තමා දත්ත කියලා කියන්නේ.
දැන් මෙහෙම තියෙන දත්ත අපි වගුගත කර ගත්තාම කොහොමද පේන්නේ?
දැන් පැහැදිලියි නේද? මෙන්න මේ ස්වරූපය තමයි තොරතුරු කියලා කියන්නේ.
හැබැයි මෙහෙම තිබුණා කියලා තොරතුරු කියන එකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට මේ තියෙන තොරතුරු ගණනය කර කරගන්න පුළුවන්.
දැන් මේ තොරතුරු අනුව පංතිභාර ගුරුතුමා හැටියට මට හොයලා බලාගන්න පුළුවන් නේද? කවුද පන්තියේ වැඩිම ළකුණු ගත්තේ කවුද අඩුම ළකුණු ගත්තේ කියලා. එතොකොට ඔන්න අපිට තොරතුරක් කියලා පැහැදිලිව පේනවා නේද?

Comments
Post a Comment