ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය - Microcontroller Programming 5 කොටස
ක්ෂුද්‍ර පාලක පරිගණක වැඩසටහන්කරණය යටතේ අපි අද බලමු පරිසර උෂ්ණත්වය මත මෝටරයක් on / off කිරීම කරන්නේ කොහොමද කියලා. ඉදිරියේ දී පල කිරීමට යෝජිත උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශයට අනුව මේ නිපුණතාව හඳුන්වා දී තිබෙන්නේ උෂ්ණත්වය අනුව විදුලි පංකාවක් on / off කිරීම යනුවෙනුයි. නමුත් මේ ක්‍රියාකාරකම සඳහා අප යොදාගන්නේ විදුලි පංකාව වෙනුවට කුඩා මෝටරයක්. එසේම මේ සඳහා අපට අවශ්‍ය වනවා අළුත් උපාංගයක්. එය උෂ්ණත්ව සංවේදකය එසේත් නැත්නම් Temperature Sensor ලෙස හඳුන්වනවා. මේ සඳහා අප යොදාගන්නේ TMP36 නම් උෂ්ණත්ව සංවේදකයයි. මෙය බැලූ බැල්මට ට්‍රාන්සිස්ටරයක් හා සමාන වන අතර එහි එක් අග්‍රයකින් පරිපථයට ලබා දෙන (+) වෝල්ටීයතාව ලබා දෙයි. V in ලෙස හඳුන්වා දී ඇත්තේ එයයි. මැදින් පිහිටි V out නම් අග්‍රයෙන් මෙම සංවේදකයෙන් පිටතට වෝල්ටීයතාව ලබා දෙන අතර බාහිර පරිසර උෂ්ණත්වය අනුව මෙම වෝල්ටීයතාව වෙනස් වේ. GND ලෙස දක්වා ඇත්තේ, පරිපථයට ලබා දෙන (-) වෝල්ටීයතාවයි. මේ සංවේදකය -40 °C සිට 125 °C දක්වා බාහිර උෂ්ණත්ව පරාසයක ක්‍රියාත්මක වේ. Temperature = ( V ou...