Posts

දත්ත සහ තොරතුරු කියන්නේ මොනවාද?

Image
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සාමාන්‍ය පෙළට ඉගෙනගන්නා අපේ පළවෙනි පාඩම තමයි දත්ත සහ තොරතුරු කියන එක. මොකද්ද මේ දෙකේ තේරුම? සාමාන්‍යයෙන් අපි පරිගණක පද්ධතියකට ඇතුළත් කරන දේවල්, එහෙම නැත්තන් ආදානය (Input) කරන දේවල් පරිගණකයට ඇතුළත් වෙනකොට ඒවායේ කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි නිකම් සංඛ්‍යා, අකුරු, සංකේත වගේ දේවල් පමණයි ඇත්තටම ඇතුළත් වෙන්නේ. මෙන්න මේ අර්ථයක් නැති සංකේත, සංඛ්‍යා වැනි දේවල් වලට තමයි අපි කියන්නේ දත්ත  කියලා. ඊට පස්සේ පරිගණක පද්ධතියෙන් ඒවා සකසනවා අර්ථයක් ඇති විදියට. මෙන්න මේ සැකසීමේ ක්‍රියාවලිය (Process) අවසානයේ, අපි ඇතුළත් කරපු දත්තවලට යම් අර්ථයක් ඇතිවුණාට පස්සේ අපි ඒවාට කියනවා තොරතුරු (Information)  කියලා. ඔයාලට මේක අපැහැදිලියි කියලා හිතෙනවා නම් අපි මේක උදාහරණයකින් බලමු. මම පාසලක පංතිභාර ගුරුවරයෙක්. පාසලේ වාර විභාගයක් අවසානයේ දී මගේ පන්තියේ ළමයි ලබා ගත් ළකුණු ඔක්කෝම මට පරිගණකයට ඇතුළත් කරන්න ඕනේ. දැන් මම මෙන්න මෙහෙම පරිගණකයට ළකුණු ඇතුළත් කරනවා. රවී 78 90 79 67 76 78 රිස්වාන්  87 70 80 75 80 80 ක්‍රිෂාන් 76 78 67 80 79 76 දැන් මෙන්න මෙහෙ...
Image
ආයුබෝවන්, ඔයාලා හැමෝම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. මම මේ බ්ලොග් අඩවිය තුළින් මා සතු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දැනුම ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉහත වීඩියෝ එක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නේ? එකේ හැටියට පරිගණක කියලා දෙයක් ඔයාලා දැක්කද? අද අපි දකින විදියේ පරිගණක වෙනුවට අමුතුම තාලයේ පරිගණක ඒ වීඩියෝ එකේ දකින්න තිබුණා.